Gossips

ජලාශ කිහිපයක තවමත් වාන් දොරටු විවෘතයි

උතුරු පළාතේ පවතින වැසිත් සමඟ රාජාංගණය, අංගමුව, ඉරණමඩු සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.
මේ අතර, මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වැසිත් සමඟ පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් පමණක් අද දින විවෘත කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් තවමත් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
කිලිනොච්චිය ප්‍රදේශයේ පීඩාවට පත් පුද්ගලයින් 4649 දෙනෙකු දෙනෙකු, කඳවුරු 26ක රදවා සිටිනවා.
එමෙන්ම මුලතිව් ප්‍රදේශයේ ද කඳවුරු 28ක් තුළ පුද්ගලයින් 4917 දෙනෙකු රදවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.