Gossips

ජල්තර ඝාතනයට තවත් දෙදෙනෙකු අල්ලයි

හංවැල්ල – ජල්තර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා, තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර – පොම්පකැළේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී කඩු 03ක් සහ ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.
සැකකරුවන් අවුරුදු 19 සහ 24 යන වයස්වල පසුවන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මිරිහාන පොලිසියට භාර දී තිබෙනවා.
මෙම ඝාතනයට මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අතර බන්ධනාගාර ගතව සිටින දිනෙත් මෙලන් හෙවත් ඌරු ජූවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටයි අනාවරණ වුණේ.