ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය අද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා රාජකාරිවලින් බැහැරව පැය 4 ක විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබෙනවා.
එහි කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ සියයට 25 ක වැටුප් වැඩිකිරීමක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට බලධාරින් නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
