Gossips

ජලය පිරුණු ඉරණමඩු ජලාශය පළමු බිල්ල ගනී (ඡායාරූප)

ජලය පිරුණු ඉරණමඩු ජලාශයේ ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ (09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ චාවකච්චේරි, මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඩිලක්ෂන් නමැති පුද්ගලයෙකු එලෙස දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජලය පිරුණු ඉරණමඩු ජලාශයේ වාන්දොරටු පසුගිය 07 වැනිදා විවෘත කර ඇති අතර වාන්දමන ජලයේ දිය නෑමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා‍ ජලයේ ගිලී ඇති බව පොලිසිය සඳහන් කළා.
පොලිසිය පැවසූවේ වාන් දමන ඉරණමඩු වැව නිරීක්ෂණයට විශාල පිරිසක් ඊයේ (09) එක්ව සිට ඇති අතර, එලෙස පැමිණි පුද්ගලයෙකු දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස ජලයේ ගිලී ඇති බවයි.
දියේ ගිලුණු පුද්ගලයා කිලිනොච්චිය පොලිස් ජිවිතාරක්ෂක නිළධාරීණ් ගොඩගෙන ඇති අතර,ගොඩගන්නා අවස්ථාවේදී අදාළ පුද්ගලයා මියගොස් සිට ඇති බවයි සඳහන් වන්නේ.
මියගිය පුද්ගලයාගේ සිරුර කිලි‍නොච්චිය රෝහල් මෘත ශරීරාගා‍රයේ තැන්පත් කොට ඇති අතර,සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

වවුනියාව – මාධව කුලසූරිය