Gossips

ජලය කප්පාදු කිරීමට කිසිදු තීරණයක් නැහැ – විදුලි ගාස්තු සියයට 25කින් අඩු කරන්නැයි, වෘත්තීය සමිති ඉල්ලයි

පවතින වියළි කාලගුණය හමුවේ ජල කප්පාදුවක් සිදුකිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නගර සැලසුම් සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන පවසනවා.
කෙසේ වෙතත්, විදුලිය කප්පාදු කරන අවස්ථාවේදී ජලය පොම්ප කිරීමට නොහැකිව ජල බිඳ වැටීම් සිදුවිය හැකි බව ද ඔහු කියා සිටියා.
ප්‍රධාන ලෙස ජලය පොම්ප කරන ප්‍රදේශවලට විදුලිය කප්පාදු නොකරන ලෙසට තමන් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, දැනට සිදුකෙරෙන දිනකට පැය 4ක විදුලි කප්පාදුව නිසා පාරිභෝගිකයාගෙන් අය කෙරෙන ගාස්තුව සියයට 25කින් අඩු කළ යුතු බවට විදුලි වෘත්තීය සමිති පවසනවා.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.