Gossips

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දිනවලද වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම හෙට දින (07) දහවල් 12.08 බූස්ස, අක්මීමන, අකුරැස්ස,කඹුරුපිටිය, හක්මන සහ දෙනගම යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.