Gossips

ජලභීතිකාව යළි හිස එසවීමේ අවදානමක්

ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ ජලභීතිකා රෝග මර්දන වැඩපිළිවෙල මහජන සෞඛ්‍ය පශූ වෛද්‍ය ඒකකය වෙතින් ඉවත් කිරීම ඊට හේතුව බවයි.
අදාළ වැඩසටහන සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමත්, ඔවුන් නිසියාකාරම එම වැඩසටහන ක්‍රියාත්මක නොකිරීමත් නිසා ජලභීතිකා රෝගය යළි පැතිරිය හැකි බවට ඔහු අනතුරු ඇගවීමක් කළා.