Gossips

ජලනල එළීමක් නිසා ග්‍රෑන්ඩ්පාස් – ස්වර්ණ චෛත්‍ය මාර්ගය තාවකාලිකව වැසේ

ග්‍රෑන්ඩ්පාස් – ස්වර්ණ චෛත්‍ය මාර්ගය ලබන 7 වනදා සිට 10 වනදා දක්වා වසා තැබෙන බව පොලීසිය පවසනවා.
ජලනල එලීමේ කටයුත්තක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ගයක් ලෙස ඩිවෝස් පටුමඟ සහ කෙත්තාරාම පාර භාවිතා කළ හැකියි.
මේ අතර, මාතර – දියගහ ජල පොම්පාගාරයේ නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා පෙරවරු 9 සිට පැය 12 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
මේ හේතුවෙන් දියගහ, කැකනදුර, කෝට්ටේගොඩ, දික්වැල්ල සහ කුඩා වැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.