Gossips

ජර්මනියෙන් මත්පෙති ගෙන්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් විසි ලක්ෂ 92,000 ක් වටිනා එක්ස්ටසි නමැති මත් පෙති 523 ක් මෙරටට ගෙන් වූ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
23 හැවිරිදි ඔහු දෙහිවල පදිංචිකරුවෙක්.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 23 වන දින කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු සැකකටයුතු පාර්සලයක් රේගුව පරීක්ෂා කළ අතර, එහිදී මෙම මත්පෙති සොයා ගැණුනා.
ජර්මනියේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නමට දිවයිනට එවා තිබූ මත්පෙති සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂණ ඇරඹුවේ ඉන් අනතුරුවයි.