අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන බව පවසමින් ජර්මනියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර – වලගම්බාපුර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ උහන ප්‍රදේශයේදියි.
සැකකරු රුපියල් ලක්ෂ 11 කට අධික මුදලක් වංචා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.