Gossips

ජය ගත් ඉම්රාන් ඛාන් සන්ධාන සාකච්ඡා අරඹයි

පාකිස්තාන මහ මැතිවරණයේ නිකුත් වී ඇති ආසන 263ක නිළ ප්‍රතිඵලවලට අනුව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ තෙහෙරික් ඉ ඉන්සාෆ් පක්ෂයට ආසන 115 ක් හිමිවී තිබෙනවා.
ඉන් නවාස් ශරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයට ආසන 63 ක් හිමිවී ඇති අතර, බෙනාසීර් භූතෝගේ පුත්‍රයා වන බිල්වාල්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන මහජන පක්ෂයට හිමිවී ඇත්තේ ආසන 43 ක් පමණයි.
ආසන 09 ක ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති අතර ආසන 02 ක ජන්ද විමසීම කල් දමා තිබෙනවා.
ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 272 කින් යුත් පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආසන 137 ක් ජයග්‍රහණය කළ යුතුයි.
ඉම්රාන් ඛාන්ට සන්ධානයක් පිහිටුවීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති අතර, සුළු පක්ෂවල සහයෙන් ඉම්රාන් ඛාන් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනු ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ගමනේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක සයිඩ් අෆ්රිඩි සුබ පැතුම් එක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.