Gossips

ජය ඉසුරු – 03, දින 15කට පසු ත්‍රිකුණාමලයට

මියන්මාර මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරකට ලක්ව තිබූ බහුදින යාත්‍රාව දින 15කට පසු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමල වරායට රැගෙන විත් තිබෙනවා.
ජය ඉසුරු – 3 නැමැති එම බහුදින යාත්‍රාව පසුගිය ජුලි මස 19 වන දින ධීවරයින් 6 දෙනෙකු සමඟ මුහුදු ගොස් තිබුණේ මාතර – නිල්වැල්ල ධීවර වරායෙන්.
පසුව අදාළ ධීවර යාත්‍රාව මේ මස 10 වන දා මියන්මාර මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.
යාත්‍රාවේ හිමිකරු සඳහන් කළේ දින 6කට ආසන්න කාලයක් තම යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබූ බවයි.
කෙසේ වෙතත්, මීගමුවෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක පිරිසක් විසින් ඔවුන් බේරා නාවික හමුදාවට භාර දී ඇති බවටයි වාර්තා වන්නේ.