Gossips

ජයබහලු පර්යන්තය පුළුල් කිරීමේ කොන්ත්‍රාත් දෙකම චීනයට

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ ගැඹුරු නැංඟුරම් පොල ධාරිතාව වැඩිකිරීමේ ව්‍යාපෘතිය චීන වරාය ඉංජිනේරු සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
වරාය වෙත පැමිණෙන විශාල ප්‍රමාණයේ නෞකා මෙහෙයවීම සඳහා වන සංවර්ධන කටයුතුවලට සමගාමීවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ.
එමෙන්ම වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තය සඳහා බහලුම් මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීම සීමාසහිත ෂැංහයි ෂෙංහුවා හෙවි ඉන්ඩ‍්‍රස්ටීස් වෙත ලබාදීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 25.7 ක මුදලකට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති අතර, එහිදී බහලුම් මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය දොඹකර 3 ක් මිලදී ගැනීමට නියමිතයි.
මීට අදාළ කැබිනට් පත්‍රිකා විෂයභාර අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.