Gossips

ජයග්‍රහණය සොයා ගිය සුපිරි පන්දුවාරය

පාකිස්ථාන සූපර් ලීග් තරඟාවලියේ 12 වන තරඟය සාජා හිදී ඊයේ (02) පැවැත් වුණා.
ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම අතර පැවති මෙම තරඟය දෙපිලටම තීරණාත්මක වූ සුපිරි පන්දුවාරයේදී ජය ගත්තේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමයි.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉස්ලාමාබාද් පිළ නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 09ක් දැවී ලකුණු 121ක් රැස් කළා.
ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ලාහෝර් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත්තේ ලකුණු 121ක් පමණයි.
ඒ අනුව දේපිලේම ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් තුල තරඟයේ ජය පරාජය තීරණය කිරීමට තරඟ තීරකවරයා තීරණය කළා.
එහිදී සුපිරි පන්දුවාර තුල පළමුව පන්දුවට පහරදුන් ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම ලකුණු 15ක් රැස් කිරිමට සමත් වුණා.
පන්දු 06ක් තුල ලකුණු 16ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම එම ඉලක්කය අවසන් පන්දුවේදී ඇන්ඩි රසෙල් එල්ල කළ හයේ පහරත් සමඟ පසුකර යාමට සමත්වීම විශේෂත්වයක්.
එහිදී ඉස්ලාමාබාද් කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීමට සුපිරි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ලකුණු 03ක් ලබා ගැනීමට තිබුණා.
මුස්තෆිසුර් රහමන් යැවූ එම පන්දුවාරයේ අවසන් පන්දුවට මුහුණ දෙන ඇන්ඩි රසෙල් වේගවත් පහරක් එල්ල කරනවා.
එම අවස්ථාවේදී ඉහළින් ඇදී යන පන්දුව හයේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම්ට උඩපන්දුවක් ලෙස රැක ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ පන්දුව හයේ සීමාවේ පතිත වෙමින්.
සුපිරි පන්දුවාරය පහතින්..