Gossips

ජයග්‍රහණයේ සිහිනය බොදවේ – ටෙස්ට් තරඟාවලි ජයත් එංගලන්තයට

සංචාරක එංගලන්ත පිල සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 57කින් අද පරාජයට පත් වුණා.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගනු ලැබුවේ එංගලන්ත කණ්ඩායමයිි.
දෙවන තරඟයේ පස්වන සහ අවසන් දිනය වූ අද ලකුණු 74ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ ජයග්‍රහනය පෙනි පෙනී පරාජයට පත් වීමටයි.
ඊයේ දිනයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලූ 7ක් දැවී ලකුණු 226ක් ලබා සිටියා.
අද පෙරවරුවේ තරගය ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුළු 03 දැවී ගියේ ලකුණු 17තුලයිි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට දෙවන ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 243ක් පමණයි.
එංගලන්ත දෙවන ඉනිම ලකුණු 346 කට සීමා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 301 ක ඉලක්කයක් හිමි වුණා.
2001 වසරෙන් පසුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය මෙය වන අතර 2012 වසරෙන් පසුව එංගලන්තය කණ්ඩායම ආසියාවේදී ලැබූ පළමු තරඟ ජයග්‍රහණය ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.
ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරඟාවලිය සහ විස්සයි විස්ස තරඟය ද ජයගනු ලැබුවේ එංගලන්ත කණ්ඩායමයි.