දකුණු අප්‍රිකාව සමඟ ඊයේ අවසන් වූ තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලියෙන් පසු ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ හි ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ඕෂද ප්‍රනාන්දු සමත්ව තිබෙනවා.
ඒ අනුව මෙම තරඟාවලිය ආරම්භයේදී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ වල 29 වන ස්ථානයේ පසු වූ කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ හි 18 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇති අතර නිරෝෂන් දික්වැල්ලට හිමව ඇත්තේ එහි 37 වන ස්ථානයයි.
දික්වැල්ල මීට පෙර පසුවූයේ එම ශ්‍රේණිගත කිරීමේ හි 45වන ස්ථානයේයි.
එමෙන්ම නවක ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු ප්‍රසාද ලකුණු 455ක් ලබාගනිමින් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ හි 65 වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.
මේ අතර දකුණු අප්‍රිකාව සමඟ නිමාවූ ටෙස්ට් තරඟාවලියේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වූ විශ්ව ප්‍රනාන්දු ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව 43 වන ස්ථානය දක්වාත්, සුරංග ලක්මාල් 30 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.
