Gossips

ජම්මු කාශ්මීර ආණ්ඩුකාරවරයාගේ තීරණයක් අභියෝගයට ලක්කරමින් ගොනු වූ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත සභාව විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.
ජම්මු කාශ්මීරයේ ආණ්ඩු බලය වෙනුවෙන් පාර්ශ්ව දෙකක් අයිතිවාසිකම් කීමත් සමඟ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය අවසන් කිරීමේ අරමුණින් ආණ්ඩුකාරවරයා ප්‍රාන්ත සභාව විසුරුවා හැරීමට කටයුතු කරනු ලැබුවේ නොවැම්බර් 21 වැනිදායි.
කෙසේ වෙතත් එය අභියෝගයට ලක්කරමින් භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
ප්‍රාන්ත සභාව විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයා ගත් තීන්දුව නීති විරෝධී හා අත්තනෝමතික එකක් බැවින් එය අත්හිටුවන ලෙසත් සභාව තුළ බහුතරය විමසීම සඳහා ආණ්ඩුකාරවරයාට නියෝග කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය එමගින්
ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් අද එය විභාගයට ගත් අගවිනිසුරු රන්ජන් ගෝගි ප්‍රමුඛ විනිසුරු මඩුල්ල තීන්දු කළේ ආණ්ඩුකාරවරයාගේ තීරණයට මැදිහත්වීමට තමන් අපේක්ෂා නොකරන බැවින් අදාළ පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමටයි.