Gossips

ජම්පටා වීථියේ වෙඩි තැබීමට හේතුව අනාවරණය වෙයි

වෙරළබඩ පොලිස් වසමේ – ජම්පටා වීථිය – සෙල්විගේ වත්ත ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමට හේතුව එම ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් බවට තොරතුරු ලැබී ඇති බවද උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.
වෙඩි තැබීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ඊයේ (08) රාත්‍රියේ 8.15ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇති කාන්තාවගේ වයස අවුරුදු 50ක් වන අතර පිරිමි පුද්ගලයා 58 හැවිරිදි වියේ පසුවනවා.
දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.