Gossips

ජපාන හිටපු අගමැති ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.
ඊයේ (14) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී මේ හමුවීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය පැවසුවේ.
ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරුකරගත් ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය අවම කර ගැනීමේ ව්‍යාපෘති සහ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතින් වෙනුවෙන් ඉදිරියේදී තම දායකත්වය ලබාදීමට අපේක්ෂා කරන බව පවසා තිබෙනවා.