ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී දෙරට අතර උපාය මාර්ගික සහ වෙළඳ සබඳතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් පසු ජපාන අග්‍රාමාත්‍යවරයා දකුණු සහ උතුරු කොරියානු නායකයින් මුණ ගැසී සාකච්ඡා කරනු ඇති.
එම සාකච්ඡා ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
