ජපානයේ ප්‍රථම පෞද්ගලික රොකට්ටුව අභ්‍යවකාශයට යොමු කිරීම අද අසාර්ථක වූයේ නික්මී මොහොතකින් එය පුපුරා යාම හේතුවෙන්.
මෝ – මෝ – 2 ලෙස නම් කෙරුණු මීටර් 10 ක් දිගැති රොකට්ටුව ජපානයේ දකුණු දිග හොකයිඩෝ දිවයිනෙන් නික්මීමේදී මෙලෙස පුපුරා ගිය අතර, එහිදී කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
එමගින් කිලෝමීටර් 100 ක් ඈතින් වූ අභ්‍යවකාශයට නිරීක්ෂණ උපකරණ රැගෙන යමින් තිබූ බව සදහන්.
මෙම රොකට්ටුව අන්තර්ජාල සේවා නිර්මාතෘවරයෙකු වන ටකෆුමි හොරියේගේ තාක්ෂණ සමාගම මගින් නිපදවන ලද්දක්.
