ජපානයේ – හොකයිඩෝ දූපතේ සිදුවූ භූ කම්පනයෙන් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 6.6 ක් ලෙසයි.
නිවාස රැසකට එමගින් හානි සිදුවුණා. එසේම, විදුලි ජනන බලාගාර අක්‍රිය වීම හේතුවෙන් මිලියන 3 කට වැඩි නිවාස සංඛ්‍යාවකට විදුලිය ඇණ හිට ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වුණා.