Gossips

ජපාන කල්ලි නායක අසහාරාට මරණ දඩුවම

ලෝක විනාශය නුදුරේදීම සිදුවන බවට විශ්වාස කරමින් ජපානයේ – ටෝකියෝ නුවර උමං දුම්රිය ස්ථානවලට විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ අවුම් ෂින්රික්යෝ කල්ලියේ නායක ෂෝකෝ අසහාරා ට ජපානය විසින් අද මරණ දඩුවම ක්‍රියාත්මක කළා.
1995 වසරේ ඔහුගේ කල්ලිය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දහස් ගණනක් තුවාල ලැබුවා.
අසහාරාගේ කල්ලියේ තවත් සාමාජිකයන් 6 දෙනෙකුට ඉදිරියේදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ෂෝකෝ අසහාරා ට එරෙහිව අද උදෑසන මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ජපාන අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් සහතික කළා.