ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කට්සුටොෂි හවානා අද (09) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවුණා.
ශ්‍රී ලංකාවේ සමුද්රීිය ආරක්ෂාව තහවුරු කිරීමට ජපාන නාවික හමුදාවේ සහය ලබාදීමට කටයුතු කරන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවට ජපානයේ පුහුණු අවස්ථා වැඩි කර දෙන ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමටද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා එකඟතාව පළ කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම, ආපදා සහන සේවා ආදී කටයුතුවලදී තාක්ෂණික දැනුම හුවමාරු කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.