Gossips

ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු පළමුවරට ශ්‍රී ලංකාවට

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි උන්ඩේරා අද (20) ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට වරායේ මෙන්ම කොළඹ සහ ත්‍රිකුණාමල වරායේ සංචාරයකට ද එක්වීමට නියමිතයි.
කෙසේ නමුත් හම්බන්තොට වරාය චීනය වෙත පැවරීමෙන් පසු ජපාන ආරක්ෂක අමාත්‍යවරයා එහි සංචාරය කිරීම විශේෂත්වයක්.
ජපානයද චීනයේ යුද බලය ව්‍යාප්තවීම පිළිබඳව අවධානය යොමු කරන රටක් වීම ඊට හේතුවයි.
කෙසේ නමුත් හම්බන්තොට වරාය වානිජ වරායක් ලෙස පමණක් ක්‍රියාත්මක බව මෙරට බලධාරීන් අවධාරණය කර තිබුණා.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණක් වන්නේ ශ්‍රී ලංකාව සමඟ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමීප සහයෝගීතාවකට එළඹීමයි.
සිය සංචාරය තුළදී ඔහු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට මීටර 30 ක් දිග මුර සංචාර යාත්‍රාවක් පිරිනමනු ඇති.