Gossips

ජපාන අධිරාජයාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) පෙරවරුවේ ජපාන අකිහිතෝ අධිරාජයා හමුවී තිබෙනවා.
ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ සිය සතුට පළ කළ ජපාන අධිරාජයා දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව පවසා තිබෙනවා.
ජපානය ස්වභාවික ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී ශ්‍රී ලංකාව සැබෑ මිත්‍රයෙක් ලෙස හැකි පමණින් ජපානයට දැක්වූ සහය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජයා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කර තිබෙනවා.