Gossips

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඇමරිකාවේ සංචාරයක

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මේ මස තුළදී ඇමරිකාවේ සංචාරයක් සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ජපාන අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 17 සිට 20 දක්වා ඇමරිකානු සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසී උතුරු කොරියානු ගැටලූ සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
විශේෂයෙන් උතුරු කොරියාවේදී පැහැර ගත් ජපාන ජාතිකයන් මුදා ගැනීම සඳහා එම සාකච්ඡාවලදී බලපෑමක් කරන්නැයි ජපාන අගමැතිවරයා ජනපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිනු ඇති.