Gossips

ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු ජනපති අතර හමුවක්

ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්වෙන බව ජපාන බලධාරින් ප්‍රකාශ කළා.
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වන අතරතුරයි ජපාන අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඇමරිකානු ජනාධිපතිවරයා හමුවන්නේ. එහිදී රටවල් දෙකට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.