සිය රජය කෙරෙහි විශ්වාසය පළුදුවීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ, ඔහුගේ පක්ෂය වන කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සම්මේලනයට අද එක්වෙමින්.
මෙම සම්මේලන භූමිය ආසන්නයේ විරෝධතාවක් ද පැවැත්වුණු අතර මේ නිසා එම ස්ථානයට කැරළි මර්දන පොලීසිය ද කැදවා තිබුණා.
රජයට අයත් ඉඩමක් තමන්ගේ බිරිඳ සම්බන්ධ ආයතනයකට විශාල වට්ටම් මුදලක් මත අලෙවි කිරීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
