Gossips

ජපානය මිසයිල ප්‍රහාරයක අවදානමෙන් මිදේ

උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි මිසයිල ප්‍රහාරයකට සූදානම් වීම තවදුරටත් අවශ්‍ය නොවන බව ජපානය ප්‍රකාශ කළා.
ඒ අනුව, ඒ සඳහා වන පෙරහුරු මින් ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට ජපාන රජය තීරණය කර ඇති බවයි කියෝඩෝ ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.
ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවති සමුළුවෙන් අනතුරුව ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීමද නතර කළා.