Gossips

ජපානය, උල්කාවකට ගොඩ බසී

පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 300ක් පමණ ඈතින් පරිභ‍්‍රමණය වන රයුගු ලෙස හැදින්වෙන දැවැන්ත උල්කාව මතට ජපාන හයෙබූසා – 2 පර්යේෂකය ගොඩබැස ඇති බව එරට අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කළා.
එමගින් උල්කාවේ සාම්පල ලබා ගැනීමට නියමිතව ඇති අතර, ඒවා විශ්ලේෂණය කිරීමෙන් ජීවයේ සම්භවය පිළිබදව තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
උල්කාව ආසන්නයට යැවුණු අභ්‍යාවකාශ යානයේ සිට කුඩා පර්යේෂක 2ක් උල්කාව මත ගොඩ බස්සවා ඇති බව සඳහන්.
මීටර් 400ක පමණ විෂ්කම්භයක් සහිත කිලෝග්‍රෑම් බිලියන 450ක් පමණ බරැති රයුගු උල්කාව පෘථිවිය ආසන්නයේ ඇති පෘථිවියට අවදානමක් විය හැකි උල්කාවක් ලෙසයි සැලකෙන්නේ.