Gossips

ජපානය උණුසුම්

ජපානය පුරා දැන් පැතිරී යන උණුසුම් වා දහරා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් දහස් සංඛ්‍යාත පිරිසකට උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආබාධවලට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුව ඇති බව සඳහන්.
මධ්‍යම ජපානයේ උෂ්ණත්වය ගතවූ සතියේදී සෙන්ටිගේ‍්‍රඩ් අංශක 40.7 දක්වා ඉහළ ගිය අතර, එය පස් වසරකින් ජපානයෙන් වාර්තාවන ඉහළම උෂ්ණත්වයයි.
කියෝටෝ නගරයේ උෂ්ණත්වය පසුගිය දින 7 මුළුල්ලේම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 38 ඉක්මවූ අතර, 19 වන සියවසෙන් පසු එවැනි තත්වයක් වාර්තාවී ඇත්තේ ප්‍රථම වතාවටයි.
ජපාන අධ්‍යාපන අමාත්‍යාංශය ළමයින් උණුසුමට නිරාවරණය වැළැක්වීම සඳහා නව පියවරද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කෙසේ නමුත් අයිචි ප්‍රදේශයේ 6 හැවිරිදි දරුවෙකු එළිමහන් පන්ති කාමරයකදී දැඩි උණුසුම නිසා ජීවිතක්ෂයට පත්වුණා.
දැඩි උණුසුමෙන් විජලනය වීම වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නැයි ජපාන සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියා.
ජපානයේ මෙලෙස දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත්තේ මේ මස මුලදී දැඩි වර්ෂාපතනය සමඟ ජල ගැලීම් සහ නායයෑම්වලින් පුද්ගලයන් 200 කට අධික පිරිසක් මියයාමෙන් අනතුරුවයි.