Gossips

ජපානයේ විශේෂ නියෝජිතයෙකු ජනපති හමුවේ

රෝග නිවාරණය සඳහා දැරූ බොහෝ උත්සාහයන් අසාර්ථක වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
එම නිසා තම ජපාන සංචාරයේදීද සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට වැඩි අවධානයක් යොමුකරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේ මැදිරිගිරිය රෝහලේ ඊයේ පැවති උත්සවයක් අමතමින්. තම ජපාන සංචාරය පිලිබදව ජපානයේ විශේෂ නියෝජිතයෙකු හමුවී සාකච්ඡා සිදුකළ බව ද ජනාධිපතිවරයා එහිදී සදහන් කළා.