Gossips

ජපානයේ භූ කම්පනයක්

මධ්‍යම ජපානයේ නගානෝ ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ 5 යි දශම 1 ක භූ කම්පනයක් අද සිදුවුණා.
එහෙත් එමගින් සුනාමි අවදානමක් ඇති නොවන බවයි ජපාන කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ.
භූ කම්පනයෙන් ජීවිත හෝ දේපල හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ.
මේ අතර, චීනය අද සිචුවාන් භූ කම්පනයේ දස වන වසර අනුස්මරණය කරනවා.
2008 වසරේ මැයි 12 වනදා සිචුවාන් ප්‍රාන්තයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7 යි දශම 9 ක මහා භූ කම්පනයෙන් පුද්ගලයන් 87,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා.