Gossips

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජෙබී සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවූ ජපානයේ ඊයේ රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ජපානයේ හොකයිඩෝ දූපතේ සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 6.6 ක් ලෙසයි.
භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස රැසකටද හානි සිදුව තිබෙනවා.
හොකයිඩෝ දූපත තුළ භූ කම්පනයත් සමඟ නායයෑමක්ද වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර වසර 25 කට පසු ජපානයට බලපෑ ප්‍රබල ජෙබී සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.