Gossips

ජපානයේ දැඩි උණුසුම නිසා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

සෙන්ටිගේ‍්‍රඩ් අංශක 40 ඉක්ම වූ දැඩි උණුසුමෙන් පුද්ගලයින් 65 කට වැඩි සංඛ්‍යාවක් මියයාමත් සමග ජපානයේ ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජපානය පුරා පුද්ගලයින් දෙදහසක් පමණ උණුසුම් වා දහරා වලට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට සිදුවුණා.
කුමගායා ප්‍රදේශයේ ඊයේ වාර්තා වූ සෙන්ටිගේ‍්‍රඩ් අංශක 41 යි දශම 1 ක උෂ්ණත්වය මෙතෙක් ජපානයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි. ටෝකියෝ අගනුවර ද උෂ්ණත්වය ප්‍රථම වරට සෙන්ටිගේ‍්‍රඩ් අංශක 40 ඉක්මවා තිබෙනවා.
ජපාන කාලගුණ විද්‍යා අංශ අනතුරු අගවා ඇත්තේ අංශක 35 ඉක්මවූ උෂ්ණත්වයක් ලබන මස මුල තෙක් පවතිනු ඇති බවයි.
පාසල් ළමයින් දැඩි උණුසුමට ගොදුරු වීම වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, විජලනය වළක්වා ගැනීම සදහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, වායු සමීකරණ සහිත ආවරණයක රැඳෙන ලෙසත්, සෞඛ්‍ය බලධාරින් ජපාන වැසියන්ට උපදෙස් දෙනවා.