Gossips

ජපානයේ ජල ගැලීම් නිසා 27 ක් මරුට

බටහිර සහ මධ්‍යම ජපානයේ පවතින දැඩි වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් දැනට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් 47 දෙනෙකු අතුරුදන් වී ඇති අතර පුද්ගලයින් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මෙම ආපදා තත්ත්වයත් සමග මිලියන 1.6ක පිරිසක් සිය නිවාසවලින් ඉවත් කර ඇතැයි ද සදහන්.
ජපාන කාලගුණ විද්‍යා බලධාරින් අනතුරු අඟවන්නේ මෙම ජල ගැලීම් සමග ඉදිරියේදී නායයාම් සහ දැඩි සුළං ද ඇතිවිය හැකි බවටයි.
මේ අතර, ආපදා තත්ත්වයත් සමග තවත් මිලියන 3.1 කට සිය නිවාස වලින් ඉවත් වන ලෙසට ද ජපාන බලධාරින් අනතුරු අගවා ඇතැයි ද විදෙස් වාර්තා තවදුරටත් ප්‍රකාශ කළා.