මධ්‍යම ජපානයේ ටෝකියෝ නුවරට වයඹ දෙසින් ගුන්මා කඳුකර වනාත්තර ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත්  9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 
බෙල් 412 වර්ගයේ මෙම යානය අනතුරට ලක්වී ඇත්තේ පුහුණු සැරියක නිරතව සිටියදියි. 
පසුගිය වසරේදීද ජපානයේ කඳුකර ප්‍රදේශයකදී ජීවිතාරක්ෂක මෙහෙයුම් පෙරහුරුවක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 
මේ අතර නැගෙනහිර ඉන්දුනීසියාවේ පැපුවා  ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක ගමන්ගත් කුඩා ගුවන් යානයක් ඊයේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 9 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.



