ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂිමොඩාකේ ගිනි කන්දේ පාෂාණ කොටස් විසිරීමේ අවදානම හේතුවෙන් ඒ අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙස එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
පසුගිය දින කිහිපය මුළුල්ලේම මෙම ගිනි කන්දෙන් ධූලි වලා නිකුත්වීම ආරම්භ වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී මෙලෙස ගිනි කන්ද පුපුරායාමේ අවදානමක් මතුවී ඇති බවයි ගිනි කඳු සම්බන්ධ පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ.