රයුගු නැමති ප්‍රකට උල්කාව ගවේෂණය කරන ජපාන හයබූසා 2, අභ්‍යාවකාශ යානය මගින් එහි ප්‍රබල පිපිරවීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.
ඒ සඳහා කිලෝ ග්‍රෑම් 14ක ප්ලාස්ටික් පුපුරණද්‍රව්‍ය යොදාගෙන ඇති බවයි ජපාන කියෝඩෝ ප්රවෘත්ති සේවය සඳහන් කළේ.
උල්කාව මත පිපිරවීමක් සිදුකිරීමෙන් එහි මීටර් 10ක් පළල කුහරයක් ඇති කිරීමට සැලසුම් කර තිබුණා.
එම පිපිරවීම සිදුකරන අවස්ථාවේ ගගන යානය උල්කාවේ අනෙක් පස ආවරණය සහිතව රඳවා තිබෙනවා.
පසුව එම කුහරය තුළට පිවිස සාම්පල එකතු කර ගැනීමට සැලසුම් කෙරුණා.
එමගින් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීම පිළිබද කරුණු අනාවරණ කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.
කෙසේ නමුත් ජපාන අභ්‍යාවකාශ මෙහෙයුමේ සාර්ථකත්වය දැන ගැනීමට තවත් කල් ගත වන බව සඳහන්.