Gossips

ජපානයෙන් සොරාගත් කෝටි 04ක ජීප් රියක් කිරිබත්ගොඩින් හමුවේ

නීතිවිරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා එකලස් කරන ලද ජපානයේ නිෂ්පාදිත ටොයෝටා වී 8 වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පානදුර – වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් 38 හැවිරිදි මොහු කිරිබත්ගොඩ – තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ජීප් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර එය ජපානයේදී සොරකම් කරන ලද එකක් බවටයි.
මෙම ජීප් රථයේ වෙලඳපොල වටිනාකම රුපියල් කෝටි 04ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්.
එමෙන්ම, බස් මාර්ග බලපත්‍රයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මොරටුමුල්ල – පිළියන්දල – කොස්පැලෑන ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ ද්විත්ව ඝාතනයට යොදා ගත් බව පැවසෙන මෝටර් රථයක් ද, පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කොස්පැලෑන පාලම ආසන්නයේ සිදුකළ වැටලීමකදීයි.
පසුගියදා නඩු කටයුත්තක් සඳහා ගොස් යළි පැමිණෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොස්පැලෑන පාලම අසලදී මෙලෙස ඝාතනයට ලක්වුණා.