Gossips

ජපානයෙන් විදේශ ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක්

සිය ශ්‍රමික හිඟයට පිළියම් වශයෙන් වැඩිපුර විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පිළිබදව ජපානයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ සඳහා සංක්‍රමණික නීති ලිහිල් කිරීමට ද අපේක්ෂා කරන බවයි ජපාන කැබිනට් ලේකම් යොෂින්ඬේ සුගා ප්‍රකාශ කළේ.
විශේෂයෙන් කෘෂිකර්මාන්ත, හෙද, ඉදිකිරීම්, හෝටල් සහ නෞකා තැනීම් වැනි ක්ෂේත්‍රවල දැඩි ශ්‍රමික හිඟයක් පවතින බව ජපාන මාධ්‍ය සඳහන් කළා.
එලෙස විදේශ රටවලින් ගෙන්වා ගන්නා ශ්‍රමිකයන්ට ජපන් භාෂාව පිළිබද යම් දැනීමක් මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ නියමිත කුසලතා ලබා සිටිය යුතුයි.
ජපානයේ වත්මන් විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 40,000ක් පමණ වන අතර, වසර 2025 වන විට එම සංඛ්‍යාව පන්ලක්ෂය දක්වා ඉහළ නැංවීමටයි ජපානය සැලසුම් කර ඇත්තේ.