තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.
අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවේදී දෙරටට වැදගත් කරුණු රැසක් පිලිබඳව සාකච්ඡා වී ඇති බව සඳහන්.
මේ අතර, ජපානයේ නිෂ්පාදිත මීටර් 30 ක දිගින් යුත් නවීන වේග මුර යාත්‍රා දෙකක් ලක් රජය වෙත පිරිනැමීම ද ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණ දින 5 ට පසු එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණීම ද විශේෂත්වයක්.