Gossips

ජපන් වාහන ගෙන්වීම ගැන ආනයනකරුවන් අනතුරු අඟවයි

ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන ප්‍රමිතියක් වෙළඳපොලට හඳුන්වාදීමත් සමඟ ඉදිරියේදී ජපන් වාහන ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ යුරෝ ෆෝ ඉන්ධන ප්‍රමිතියට අදාළව රජය ලබාදුන් නව නීති අනුව එය ගෙන්වීමට බාධා මතුව ඇති බවයි.
ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන වර්ගයක් පසුගිය 02 වැනිදා වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා.
පරිසර දූෂණය අවම වන ආකාරයෙන් මෙම ඉන්ධන නිෂ්පාදනය කර ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ.
යූරෝ ෆෝ වර්ගය යටතේ පෙට්‍රල් සහ ඩීසල් වර්ග දෙකම වෙළඳපොලෙන් කලින් පැවති මිලටම ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළඳපොළට හඳුන්වාදීම නිසා ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හෝ ඔටෝ ඩීසල් වෙළඳපොලෙන් ඉවත් නොවන බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළා.
යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන හඳුන්වාදෙනු ලබන්නේ දැනට වෙළඳපොලේ භාවිතා කරන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපිරි ඩීසල් සඳහා ආදේශක ලෙසයි.
යුරෝපා කොමිසම මගින් පරිසර හිතකාමී බව ඉහළ මට්ටමක ඉන්ධන වර්ගයක් ලෙස යුරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන අනුමත කර තිබෙනවා.