Gossips

ජපන් රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරම

හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ කලක පටන් නීති විරෝධීව විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුනා.
ජපන් ජාතිකයෙකුගේ මුලිකත්වයෙන් ජපානයේ රැකියා ලබා දිය හැකි බව පවසා මෙම පුද්ගලයා තරුණ තරුණියන් රැසක් මුලාකර තිබූ අතර ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 3 සිට රුපියල් ලක්ෂ 12 දක්වා මුදල් එක් රැස් කර තිබුනා.
ඊයේ පස්වරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් හිරු සී.අයි.ඒ සමග එක්ව මෙම ස්ථානය වටලනු ලැබුවේ ඔවුන්ගෙන් ලද පැමිණිලි අනුවයි.