Gossips

ජන බලය විරෝධතා පාගමනට හිටපු ජනපති පිටකොටුව බෝගහ අසලදී එක්වෙයි

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට විරෝධතා පාගමනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටකොටුව බෝගහ අසලදී එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
විරෝධතාවය ලේක් හවුස් වටරවුමේ හි පැවැත්වීමටයි සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ.
විරෝධතාවයට සහභාගි වීම සඳහා පැමිණෙන ජනතාව රැගත් බස් රථ කොළඹට ළඟා වෙමින් පවතිනවා.
මේ හේතුවෙන් කොළඹට ඇතුළු වන මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසනවා.
හයිලෙවල් මාර්ගය, ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය හා මරදාන – ටෙක්නිකල් මංසන්ධිය ඇතුළු මාර්ග කිහිපයක මෙලෙස රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධතාවය හේතුවෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.
ඩී.ආර්. විජේවර්ධන මාවත, ඕල්කට් මාවත ඇතුළු යන මාර්ග කිහිපයක් ඔස්සේ පෙලපාලි 6 කින් විරෝධතාව කොළඹට ඇතුළු වීමට නියමිතයි.
මේ අතර පාර්ලිමේන්තු සභා වාරය මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු සභාවේ නොමැති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.