ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදියි.
ඒකාබද්ධ විපක්ෂය අනිද්දා සංවිධාන කර ඇති 'ජනබලය කොළඹට' විරෝධතාව පවත්වන ස්ථානය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.
