Gossips

ජන බලය කොළඹට විරෝධතාව ගැන මන්ත්‍රී ගම්මන්පිළ කළ හෙළිදරව්ව

පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ මාතෘකාවක් වූයේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනබලය කොළඹට විරෝධතා පා ගමන වෙතයි.
එම විරෝධතාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පලකළ අතර එදින රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල නායකයින් රැසක් තරු පන්තියේ හෝටල්වල ලැඟුම්ගෙන සිටි බවටද චෝදනා එලලවූවා.
මේ අතර විරෝධතාවය අතරතුර පැය කිහිපයක් හිටපු ජනපතිවරයා හදිසියේම ඉන් නික්ම යාම පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.
මේ පිළිබඳව ඊයේ (10) හිරු TV ඔස්සේ විකාශය වූ සළකුණ වැඩසටහනට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පළකලේ මෙවන් අදහසක්.