Gossips

ජන බලය කොළඹට – අවසන් තීන්දුව අද

හෙට දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිළ නිවසේදියි.
එහිදී ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.