Gossips

ජන බලය ඉතා සාර්ථකයි – හිටපු ජනපති

ජන බලය කොළඹට විරෝධතා රැළිය ඉතා සාර්ථක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
බේරුවල පැවති අවමංගල්‍ය උත්සවයකට අද සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
මේ අතර, යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි ප්‍රචාර හේතුවෙන් පශ්චාත් යුද සමයේදී මෙරට ආරක්ෂක අංශ සිදුකළ කාර්ය භාරය ගැන ලෝකයට පාඩම් ඉගෙන ගැනීමට තිබූ අවස්ථාව අහිමි වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘‘කඩොල් ඇත්තු’’ නැමැති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ කොළඹදී එක්වෙමින්.